බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරළයේ කැලණි ගඟ අසබඩ පිහිටි දංගල්ල නම් ග්‍රාමයේ සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. වර්ෂ 1911 දී ආරම්භ කරන ලද අප විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.
විනයෙන්, දැනුමෙන්, දිරියෙන් පෙරට
යහගුණ වඩමින් සමාජයට ප්‍රවිෂ්ට කරවීමත්, දංගලු පියසින් ඔබ්බට විශ්ව ගම්මානය ඇතුඹුලක් කිරීමටත්, සෑම දූ දරුවෙක්ම වෘත්තීය මගට යොමු කරමින් විනය ගරුක සැබෑ ශ්‍රී ලාංකිකයෙක් ජනිත කිරීම අපේ මෙහෙවරයි.