බප/ගම්/දංගල්ල ධර්මරාජ මහා විද්‍යාලය

පැළ සිටුවීමේ වැඩසටහන

WhatsAppImage2024-07-27at192516_74d8d152.jpeg
IMG_3823.jpeg
IMG_3776.jpeg
IMG_3838.jpeg
IMG_4032.jpeg

විදුහල්පති පණිවිඩය

එම්. ඒ. දයා රත්නසිරි

ඓතිහාසික සියනෑ කෝරළයේ දංගලු පුරවරයේ ශත වර්ෂයකට ආසන්න කාලයක් පුරා ප්‍රදේශයේ දරු දැරියන්ට විශාල මෙහෙවරක් කරන පාසලකි දංගල්ල ධර්මරාජ මහා විද්‍යාලය. වර්ෂ 1911 දී ඓතිහාසික දංගල්ල රජමහා විහාරයේ එවකට විහාරාධිපති ව වැඩ විසූ පූජ්‍ය ඇස්වත්තේ ශ්‍රී සුමංගල හිමියන්ගේ මූලිකත්වයෙන් ඇරඹි මෙම විදුහල අද වන විට ඉතා විශාල දුර ප්‍රමාණයක් පැමිණ ඇත.

එසේ පැමිණි ගමන්මගේ එක් කඩ ඉමක් ලෙස පළමු වරට පාසලට නිල වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමේ අවස්ථාව ලැබීම විදුහල්පති ලෙස මා ලැබූ භාග්‍යයක් ලෙස සලකමි. දංගලු සිසුන්ගේ අභිමානය ලොවට විදහා දැක්වීමට ලැබෙන මහඟු අවස්ථාවක් වන බැවින් මෙම වෙබ් අඩවියේ පවත්වා ගැනීම ඉතා සාර්ථකව කරගෙන යාමට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අංශයට මම හැම අතින්ම සුභ පතමි.

එම්. ඒ. දයා රත්නසිරි
විදුහල්පති
බප/ගම්/ දංගල්ල ධර්මරාජ මහා විද්‍යාලය.